SLFP ජාතික ලැයිස්තු මන්ත්‍රී 5ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
- 14 09 2019
- 21:41
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කළ මන්ත්‍රීවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරිමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මාතලේ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව ආණ්ඩුවට සහාය දක්වන ඒ.එච්.එම් ෆවුසි, විජිත් විජේමුණි සොයිසා යන මහත්වරුන්ගේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන්ගේත් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට නියමිතය.
ඉදිරි දින දෙක තුන ඇතුළත අදාළ ලිපි ඔවුන්ට යොමු කිරිමට නියමිත බවත් ඒ මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
