SLFP ආපු අයට ඇමතිකම් දෙන්න යෝජනාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණි මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබාදීමට යෝජනාවක් ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
අද (19දා) අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවැසීය.
“අගමැතිතුමන් හා ජනාධිපතිතුමන් සාකච්ජා කර ඉතා ඉක්මනින් දේශපාලන වශයෙන් ප්‍රමුඛත්වය ලබා දීලා ඉතිරි රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට සහයෝගය ලබා දුන්න, විශාල පරිත්‍යාග කළ විශේෂයෙන්ම විජිතමුණි සොයිසා මැතිතුමාටත්, පියසේන ගමගේ මැතිතුමාටත්, ෆවුසි මැතිතුමන්ටත් ඇමතිකම් ලබා දෙන්න අපි යෝජනා කරලා තියෙනවා”
තිසර සමල් එප්පාවල
popular news
-
Bandula. Monday, 21 January 2019 09:21 AM
අනේ මන්ද රටේ ජනතාවට බදු බර වැඩි කර කර තාමත් තනතුරු බෙදාගන්න පොරකනවා, ඔබතුම වගේ උගත් කෙනෙක් වත් මොකද මේවා නවත්වල රටට වැඩක් කරන්න දැන් වත් ලේස්ති වෙන්නකෝ .
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
