සමගි ජන බලවේගය හරහා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්රජාතන්ත්රවාදී සංවර්ධණ ගමනේ අලුත් පරිච්ඡේදනයක් නිර්මාණය කරන බවත්, මෙය ජනතා හිතකාමී, ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
සමගි ජන බලවේගය හරහා ආරම්භ කරන්නේ අලුත් වැඩපිළිවෙලක් බවත්, ඒ හරහා අලුත් ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා විසින් සංවිධානය කර තිබූ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක හමුව අමතමින් ඔහු මේ බව පැවසුවේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ගම් මට්ටමේ නියෝජිතයින් එක් කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පැවැත්වූ වැඩමුළු මාලාවේ අවසානය ලෙස දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකයින් එක් කරමින් දිස්ත්‍රික් මට්ටමේ වැඩමුළුව සංවිධානය කර තිබුණි.