සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන්ගේ නම් ලැයිස්තුව ප්රකාශයට පත්කර තිබේ.
රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්රනාන්දු, ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය මෙසේ ජාතික ලැයිස්තුවට නම්කර ඇති බව වාර්තා වෙයි.
අදාළ නාම ලේඛනය අද (13) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතය.
ඊයේ පැවැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ මැතිවරණ කොමිෂමට මන්ත්රීවරුන්ගේ නම් ඉදිරිපත් කිරීමෙන් පසු එය ප්රසිද්ධ කරන බවයි.
කෙසේ වෙතත් තමන්ගේ නම එයට ඇතුළත් බව ඔහු මෙහිදී තහවුරු කළේය.