එක්සත් ජාතික පක්ෂ ප්රමුඛ සමගි ජනබලවේගය එළිදැක්වීම සහ ඊට සම්බන්ධ පක්ෂ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මාර්තු මස දෙවැනිදා නෙළුම් පොකුණ රඟහලේදී සිදු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කරන බවත් සන්ධානයේ සෙසු පක්ෂවල නායකයන් ඊට සහභාගි වන බවත් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (26දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂනායකවරයා සඳහන් කළේය.