දින දෙකක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණි සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් යළිත් හෙට සිට පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්වීමට තීරණය කර තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හා පැවැති සාකච්ඡාවකින් පසුව සමගි ජන බලවේගය මෙම තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් ඔවුන් මෙසේ පාර්ලිමේන්තුවට පැමිණීම වර්ජනය කළේය.්