SJB ලකුණ දුරකතනය - අවසන් තීරණය ලබන සතියේ?
සමගි ජන බලවේගයේ ලකුණ සම්බන්දයෙන් අවසන් තීරණයක් එළබෙන සතියේ ගන්නා බව එහි මෙහෙයුම් කමිටු සාමාජික තිස්ස අත්තනායක මහතා %අද^ට පැවසීය.
'හදවත' සහ 'හංසයා' යන ලකුණු පිළිබද නීතිමය ගැටලු පවතින බැවින් එම ලකුණු සමගි ජන බලවේගට ගැනීමට නොහැකි බවත් 'අලියා' ලකුණ ලබා ගැනීම සඳහා කළ සාකච්ඡා මේ වන විට බිඳ වැටී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව සමගි ජන බලවේගය ලෙස නම වෙනස් කිරීමට පෙර පැවති 'අපේ ජාතික පෙරමුණේ' ලකුණ වන 'දුරකතනය' ලකුණ ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවතින බවද ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ ලකුණ සම්බන්දයෙන් අවසන් තීරණය මැතිවරණ කොමිෂන් සභාව විසින් ගත යුතු බවත් ඒ අනුව එළබෙන සතිය තුළ සමගි ජන බලවේගයේ ලකුණ ප්රකාශට පත් කිරීමට කටයුතු කරන බවත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.
දිනේෂ් සමරකෝන්
popular news
-
Nandana Sunday, 08 March 2020 01:46 PM
සජිත් ට අබ සරණි, මේ පුද්ගලයාව ගාව ගත්තොත් පැරදුම අනිවා , යනෙන මන් නැති අවලංගු භාණ්ඩ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

