මාධ්‍යවේදී කීත් නොයාරු මහතා පැහැරගෙන යාමට අදාළව අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (25දා) පැය හතරක ප්‍රකාශයක් ලබාගත්තේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීම මත අමාත්‍යවරයා අද එම දෙපාර්තමේන්තුවට ගොස් මෙසේ ප්‍රකාශ ලබාදුන්නේය. එම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.