නේපාලයට අවේණික තක්කාලි ප්‍රභේදයක් වන SAN MERZANO නැමති තක්කාලි විශේෂය ශ්‍රී ලංකාව තුළ වගා කිරීම සදහා වූ අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ කර තිබේ.
ඒ අනුව බණ්ඩාරවෙල ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරින් විසින් මෙම තක්කාලි විශේෂය වගා කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.
කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ අනෙකුත් තක්කාලිවලට සාපේක්ෂව ඉහළ අස්වැන්නක් මෙමඟින් ලබාගත හැකි අතර මෙම විශේෂය තෙත් කලාපයේ මෙන් ම වියළි කලාපයේ ද වගා කිරීමේ හැකියාව ඇති බවයි.
මෙම තක්කාලි ශාකය වැලක් වශයෙන් වැවෙන අතර ශාකයෙහි උස මීටර 1.8ක් පමණ වන බවත් එක් තක්කාලි ගෙඩියක බර ග්‍රෑම් 100ත් 110ත් අතර ප්‍රමාණයක් වන බවත් සඳහන් වේ
එසේම, වර්තමානයේ තරුණ පරම්පරාව අතර ඉතාමත් ජනප්‍රිය අහාරයක් වන පිට්සා සකස් කිරීම සඳහා බහුල වශයෙන් මෙම SAN MERZANO තක්කාලි විශේෂය යොදා ගනු ලබන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.