මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව යම් නඩු පැවරීමකදී එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් (MOH) විමසා සිදුකිරීමටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර ඒ සම්බන්ධයෙන් යම් පරස්පරතාවයක් ඇති වුවහොත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අග්‍රාමත්‍යවරයා ඉදිරියේ සිය එකඟතාවය පළකළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමඟ අද (2020.05.28) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදි ඔවුන් මෙම එකඟතාවයට පැමිණියේය.
ඒ අනුව රාජකාරී කටයුතු සිදු කිරීමේදි නිරෝධායන රෝග ස්පර්ශකයන් සහ බෝ වන රෝග පාලනය කිරීමේ ආඥා පනත උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට ද මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ එකඟතාවය හිමි විය.
මෙහිදී මහජන පරීක්ෂක සේවාවේ පවතින ගැටලු සම්බන්ධයෙන්ද එම සංගමය විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.