බෙන්තොට පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සිදු කිරීමට තැත් කිරීමක් සම්බන්ධව විමර්ශන සිදුකර එයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම පහරදීම පසුගිය 11 දා සිදුව තිබූ අතර සැකකරුවන් ඊයේ (20දා) අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එළැඹෙන 02 දා තෙක් බන්ධනාගාර ගත කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් වන්නේ ගාල්ල පදිංචි අනුර නිශාන්ත නොහොත් පස් අනුර හා වලහන්දූව පදිංචි අසංක ජීවන්ත නොහෝත් බෝලේ නැමැති අයයි.