රසායනාගාරවල PCR පසුගිය දින හතේ සාමාන්‍ය 55000ටත් අඩු බවත් වසංගතයේ පැතිරීම අනුව දිනකට පරීක්ෂණ පනස් දහසකට වඩා සිදු කළ යුතු බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි.
පසුගිය මාර්තු මාසයේදී සිදු වූ වරද, නැවත සිදුවෙමින් පවතින බවත් දිනකට පරීක්ෂණ හත් දහසක් සිදු කර, සීඝ්රයෙන් පැතිරෙන වසංගතයක් පාලනය කිරීමට හැකියාවක් නොමැති බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසයි.
“ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ ඉතා හොඳින් රසායනාගාරවල සිදුකෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි මාර්ගෝදේශ පාවිච්චි කරමින්, රෝහල් බලධාරීන් සහ ඊනියා විශේෂඥයින්, එය අයාලේ යන්නට ඉඩ හැරලා.
ප්‍රතිදේහ පරීක්ෂණ නැතුව ශල්‍යකර්ම නැහැ. හදිසි ප්‍රතිකාර නැහැ. වාට්ටු වල ක්ෂණික ප්‍රතිදේහ වලට නිදර්ශක ගන්න කෙනෙකුත් නැහැ. ප්‍රතිකාර නැතුව රෝන්ට මිය යෑමට සිදුවෙලා.
ස්ථානීය පරීක්ෂණ යන්ත්‍ර සහ ජංගම වෛද්‍ය රසායනාගාර ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට කොතරම් කීවත් එය ඉටු වූයේ නැහැ. අපි ජාත්‍යන්තර ආයතන වලට ලිව්වා. ලංකාවේ ධානපතියන්ට කිව්වා. මේ වන විට ප්‍රතිපාදන ලැබෙමින් පවතිනවා. ලැබුණු ප්‍රතිපාදන වලින් වැඩේ කර ගන්න බැරුව, සෞඛ්‍ය අමාත්‍යාංශය මාස ගණනක් ලතවෙනවා” යැයි ඔහු පැවැසීය.