ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ මැකී ගිය දත්ත යළි ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ. විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක මැදිහත්වීමෙන් එම කටයුතු ආරම්භ කර ඇති බව ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසා සිටියි.
අදාළ කටයුතු සහ සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් වන තුරු මෙතෙක් එම පද්ධතිය භාරව ක්‍රියාකළ සමාගම එම කටයුතුවලින් ඉවත් නොකරන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර සිටියි.