අල්ලස් ලබා ගැනීමට කටයුතු කරමින් සිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා අත්අඩගුවට ගෙන තිබේ.
මැල්සිරිපුර ගොවිපලේ අවන්හලක් බදු දීම කඩිනම් කිරිම සඳහා ව්‍යාපාරිකයෙක්ගෙන් රු. ලක්ෂ 6ක අල්ලසක් ලබාගනිමින් සිටියදි එම්.කේ. මුතුවිනයාගම් මහතා මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළේ අදාළ ව්‍යාපාරිකයා ලබාදුන් තොරතුරකට අනුවය.