ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2021 වසරේ මැයි මස 31 වැනි දිනට පුරප්පාඩු 688 ක් පවතින අතර ඒවා කඩිනමින් පිරවීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කරන ලෙස කාරක සභාවේ සභාපතිල පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා පසුගියදා එම අධිකාරියට දැනුම් දුන්නේය.
ආයතනයේ ඉහළ කළමනාකරණය මට්ටමේ තනතුරු පුරප්පාඩු 154 ක් පවතිත්දීල අතිරික්ත තනතුරු 46 පැවැතීම සම්බන්ධයෙන්ද සභාපතිවරයා නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය. තෘතීය මට්ටමේ තනතුරු පුරප්පාඩු 116 ක් පවතින අතර එසේ නම් අතිරික්ත තනතුරු 218 ක් පවතින්නේ කෙසේද යන්න පිළිබඳවද සභාපතිවරයා ප්‍රශ්න කළේයග
මෙම තත්ත්වය ආයතනයක් තුළ පැවැතිය නොහැකි තත්ත්වයක් බැවින් මේ පිළිබඳව කඩිනමින් සොයා බලා මාසයක් ඇතුළත කෝප් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතාට නියෝග කළේය.
මේ අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරියට බඳවා ගත් පුහුණු නිලධාරින් 3700 ක් වෙනුවෙන් 2017-2019 කාල සීමාව තුල රුපියල් මිලියන 583 ක වැටුප් ගෙවා ඇති බව මෙම කෝප් කාරක සභාවේදී අනාවරණය විය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා මෙම නිලධාරීන් පිළිබදව ප්‍රශ්න කළ අවස්ථාවේදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද පෙන්වා දුන්නේ එලෙස බදවාගෙන තිබූ පුහුණු නිලධාරීන්ට නිසි රාජකාරියක් හෝ පවරා නොතිබූ බවයි.