පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපලේ සේවය කර පී.සී.ආර්. පරික්ෂාවට ලක් කිරිමෙන් අනතුරුව කොරෝනා වෛයිරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් අයෙක් කොළඹ බදුල්ල ලංගම බස් රථයකින් හාලිඇලට පැමිණ තිබේ.
මෙම ආසාදිතයා හාලිඇල රොසට්වත්තේ වතු නිවසක සැගවී සිටියදී සොයාගෙන පොලොන්නරුව අරලගංවිල නිරෝධන මධ්‍යස්ථානයට ඊයේ ( 24දා) රැගෙන ගොස් ඇති අතර ආසාදිතයාගේ පවුල් දෙකක සාමාජිකයන් නවදෙනකු නිවෙස් දෙකක නිරෝධනයට ලක් කල බව හාලිඇල පොලීසිය පවසයි
තලංගම ඩිපෝවට අයත් NB 9017 දරණ කොළඹ - බදුල්ල බස්රථයෙන් මෙම ආසාදිතයා පෙරේදා (23දා) පෙරේදා කොළඹ මධ්‍යම බස්රථ නැවතුම්පොළේ සිට ගොඩ වී පෙරවරු 11.30ට කොළඹින් හාලිඇල බලා පැමිණ ඇති බවත් ,මෙම බස්රථයේ ගමන් ගත් මගින් වහාම හාලිඇල පොලීසියට හෝ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙන ලෙසත් පොලිසිය ඉල්ලති .
මොහු ගිය හාලිඇල නගරයේ මත්පැන් පැන් අලෙවිසල වසා දමා එහි සේවක පිරිස නිරෝධනයට ලක් කළ බවත් , මොහු හාලිඇල සිට නිවසට ගිය බස්රථය සොයා බලා එහි ගමන් ගත් මගීන්ද සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගේ සහය මත නිරෝධනයට ලක් කරන බවත් පොලිසිය පැවසීය .
මේ අතර මොහු කොළඹ සිට පැමිණි තලංගම ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථය යලි පෙරේදා (23) පෙරවරුවේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී බලංගොඩ ප්‍රදේශයේ දී එම බස්රථය පොලිස් නිලධාරීන් සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නවතා ගෙන එම බස්රථයේ රියදුරු ,කොන්දොස්තරවරයා සහ බසයේ ගමන් ගත් මගින් නිරෝධනයට ලක් කිරීමට කටයුතු කළ බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කර සිටියේය .
එම ශ්‍රී ලංගම බස් රථයේ රියදුරු කොන්දොස්තරවරයා බදුල්ලට පැමිණ ආහාර ගත් බදුල්ල විහාරගොඩ ප්‍රදේශයේ ආපනශාලාවත් පෙරේදා (24දා) වසා දැමූ බව සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි.
ඇල්ල ප්‍රසාද් රුක්මල්