ලෝක සවාරියක යෙදි සිටි MSC Magnifica නෞකාවේ සුපවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටියදි මෙරටට ගෙන්වා ගත් සුපවේදි අනුර හෙරත් මහතා ගාල්ල බූස්ස හමුදා කදවුරේ දින 14 ක් සාර්ථකව නිරෝධායනය වීමෙන් අනතුරුව ඊයේ (21දා) පිටත්ව ගියේය.
නිරෝධායනය අවසන් කළ අනුර හේරත් මහතා ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාටත් එම නැවෙන් මුදවා ගැනිම සඳහා කටයුතු කළ සියලු පාර්ශ්වයන්ටත් ස්තූතිය ප්රකාශ කළේය.
අනුර හෙරත් මහතා ලෝක සාවාරියකෙ යෙදෙන MSC Magnifica නෞකාවේ සිටි එකම ශ්රී ලාංකිකයා වු අතර ඔහු සේවය කරනු ලබන එම නෞකාව 6 වෙනි දින අලුයම මෙරට වරායට පැමිණීමට නියමිත බවත් එහිදි තමාව ශ්රී ලංකාවට භාර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්රාමාත්යවරයාගෙන් ඉල්ලා සිටියේය.
චමිල් රූපසිංහ