වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය බිංදුවට ඇදදමා තිබෙන බවත්, අඩුම තරමින් රුපියල කඩාවැටීම වළක්වා ගැනීමට හෝ වැඩපිළිවෙළක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනතාව ප්‍රශ්නවලින් මිරිකී සිටියදී, හිටපු ජනාධිපතිවරයාට, ගම්මන්පිලට, විමල්ට ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැති වී තිබෙන බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපති උත්සාහ කරමින් සිටින්නේ නාමල් රාජපක්ෂට පාර කපා දීමට බවත්, විමල්ට හා ගම්මන්පිලට අවශ්‍ය වී ඇත්තේ හොරකම්වලට නඩු වැටීම වළක්වා ගැනීමට බවත් අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.