කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුලු දිවයිනේ සියලු රෝහල්වල සිදු කරනු ලබන අත්‍යාවශ්‍ය සහ සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි සිදු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ පවසයි.
කාසල්විදිය කාන්තා රෝහලේ ගර්භනී මාතාවන් සදහා සිදු කරන සෞඛ්‍ය සේවාවන් සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන් ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය විසින් දෛනිකව Covid 19 වෛරසය පිළිබදව සිදු කරන පරීක්ෂණ සාමාන්‍ය පරිදි සිදු කරන අතර, අනුරාධපුර මහ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් ද මෙම පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු කරනු ලබයි.
වෛද්‍ය, හෙද ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාන්‍ය පරිදි අත්‍යාවශ්‍ය සහ සමාන්‍ය සෞඛ්‍ය සේවා කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී සියලු රෝහල්වල නේවාසික රෝගී ප්‍රතිකාර සේවාවන් ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. කොරොනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම සදහා විශේෂිත ආරක්ෂිත ක්‍රමවේද රෝහල් තුල ක්‍රියාවට නංවා ඇති බවත්, සියලු රෝහල් කාර්ය මණ්ඩල ද කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සදහා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන බවද අමත්‍යංශ කියා සිටියි.
විශේෂයෙන්ම කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කරන පිරිස් රෝහල්වෙත පිවිසිමේ දී ඔවුන් ඇතුළත් කිරිම සදහා විශේෂිත ආරක්ෂිත ප්‍රවේශ හා ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර ඇති අතර, ඔවුන් සදහා විශේෂිත වැසිකිළි පහසුකම් දී සළසා තිබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ සඳහන් කරයි.