MR ගේ ගමේදී සනත්ගේ නම්න් උදා ගම්මානයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජය කළ විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් මෙන්ම හිටපු ක්‍රිකට් නායකයෙක් වන සනත් ජයසූරියගේ නමින් උදාගම්මනයක් ඉදිකිරීමට නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මහතා කටයුතු කර තිබේ.
මෙම උදාගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැදමුලන ප්‍රදේශයේ ඉදිවෙන අතර එම ප්‍රදේශය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගම් ප්‍රදේශයද වෙයි.
මෙම ගම්මානය සඳහා මුල්ගල තබා ඇති අතර එය ආදර්ශ නිවාස 25කින් සමන්විතය.



popular news
-
Champa Monday, 01 October 2018 07:17 PM
දැන් මාසෙකට වගේ ඉස්සර යූඑන්පී කාරයෝ, රනිල් සහ මෛත්‍රී මහා ලොකුවට කෑගැහැව්වා එක එක පුද්ගලයන්ගේ නමින් ව්‍යපෘති කරන එක වැරදියි කියලා. ඒ කිව්වේ මහින්දගේ නමට වරායක් සහ ගුවන් තොටුපොළක් තියෙනව කියලා. ඒ හින්ද මහින්දගේ නම අයින් කරන්න එකක් විකුණුව. මහින්ද හදපු වරාය. එතන තියෙන සිංහ කොඩියට උඩින් චීන කොඩිය දැම්ම. දැන් මහින්දගේ නම තියෙන අනිත් එක ගුවන් තොටුපොල විකුනනවා. ඊට පස්සේ එතන තියෙන සිංහ කොඩියට උඩින් ඉන්දියන් කොඩිය දානවා. පහුගිය දවස්වල අර ගාල්ලේ Stadium එකත් අයින් කරන්න ඕනේ වුනේ මහින්දගේ නම තියෙන හින්ද. හැබැයි මහින්දගේ නමට එහෙම කියලා මෛත්‍රී අච්චර ලස්සන නමක් තිබ්බ මොරගහකන්ද ජලාශයට කුලසිංහ ජලාශය කියලා නම දැම්ම. ඊට පස්සේ රනිල් ඉන්දියාව වතුකරේ හදපු ගිනිපෙට්ටි ගමකට "මහත්මා ගාන්ධිගම" කියලා නම තිබ්බ. දැන් මේකට "සනත් ගම " කියනව. රටක් ගොඩ නඟපු මහින්ද රාජපක්ෂ නම හොඳ නැහැ හැබැයි අනිත් නම් ඔක්කොම හොඳයි. යන්නකො ඔහොම ඕගොල්ලෝ. ආයේ කවදාවත් ඕවා කරන්න බලය ලැබෙන්නේ නැහැ. අනිත් එක තුන් ඉරියව්වෙන් විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කරලා තියෙන්නේ සනත් විතරද? පළමු පන්තියේ ක්‍රිකට් ගහන්න ගත්ත 1920 ඉඳන් හිටපු ක්‍රීඩකයෝ කෝ?
Reply : 47 2
[email protected] Wednesday, 03 October 2018 03:25 PM
චම්පා, ලංකාවේ 1920 ගණන් වල ඉඳලා තුන් ඉරියව් ක්‍රීඩකයෝ හිටියට ලෝකෙටම රිදෙන්න ගහන්න පටන් ගත්තේ සනත්. ලංකාව ලෝක ශුරයන් බවට පත් වුනු වෙලාවේ ලෝකයේ වටිනාම ක්‍රීඩකය විදිහට සම්මානයට පත්‍ර වුනේ සනත්. මහින්ද මහත්තය වගේම රටට විශාල සේවයක් කීර්තියක් අත් කර දුන්නු කෙනෙක්, ඒ බව අමතක කරන්න එපා. තමාගේ පුද්ගලික වාර්තා වලට වඩා කණ්ඩායමේ ජයග්‍රහනය ගැන හිතපු ක්‍රීඩකයෙක්. ඒ වගේම ඕනෑම වෙලාවක අනික් රටවලින් ලැබෙන ආරාධනා නොසලකා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සේවය කරන්න ඉදිරිපත් වෙන කෙනෙක්.
Reply : 3 53
sunil Thursday, 04 October 2018 07:25 PM
දැන් බල්ලන ඔනෙඅ ඔබතුම cricket දකුණේ එනෙඅ හිතහොද මෙනුස්සු හදන්න බල්ලන්න දේසපාලනේ වදක්නෙඅ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

