ෙඑම්.සී.සී. ගිවිසුම ඇමෙරිකාව අපේ රටට ආදරයට ලබාදෙන දෙයක් නොවන බවත්, එම ගිවිසුම යටතේ අප රටට කොන්දේසි තුනක් අන්තර්ගත වන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එහි එක් කොන්දේසියක් මගින් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට හානි වන කිසිදු දෙයක් ලංකාව තුළ සිදුනොකළ යුතු බවට සඳහන් කර තිබෙන බවත් එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
එම කොන්දේසිය මගින්ම රටක් ලෙස ශ්‍රී ලංකාව ඇමෙරිකානු සපත්තුවට යටවී යන බවද, මේ නිසා කවුරු එම ගිවිසුම අත්සන් කළත් ඊට එරෙහිව පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ එරෙහි වන බවද අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව පොරොන්දු වූ පොරොන්දු ගෙවී ගිය දින 100ක කාලය තුළ කඩ කර තිබෙන බවත්, බලයට පත්වීමට පෙර එම්.සී.සී. ගිවිසුම් කුණු බාල්දියට දමන බවට පැවැසූවත් එම ගිවිසුම පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත්කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.