තුල්හිරිය MAS කර්මාන්තශාලාවේ තුරුලි ආපනශාලවේ සේවය කළ 65 හැවරිදි තිදරු පියෙක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තුල්හිරිය, පරාක්‍රමගම පදිංචිකරුවෙක් මෙසේ මියගොස් තිබේ. ඊයේ දිනයේදී මාස් ආයතනයේන ආසාදිතයන් 400කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා තම වියදමින් යොමුකිරීමට මාස් ආයතනය තීරණය කර තිබේ.
ආයතනයේ සේවකයන් ඉදිරි දින වලදී පී.සී.ආර්. සඳහා යොමු කිරීමට කටයුතු කරන බව වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.