LTTE සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මුල්ලියාවේලි නිරෝධායන මධ්‍යස්ථානයේදී 41 හැවැරිදි සැකකරුවෙක් මෙසේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 2019 වසරේදී කටාර් රාජ්‍ය බලා පළා යාමෙන් අනතුරුව ජාත්‍යන්තර පොලීසිය හරහා නිල් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙසේ නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබේ.
සැකකරු දින 14ක නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර ත්රස්තවාසය වැළැක්වීමේ පනත යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.