Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
කොටි සංවිධානයේ රාම් හා නඟුලන්ට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පඩි ලබාදුන් බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කරයි.
කොලොන්නාව නව වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා අද (25දා) මේ බව සඳහන් කළේය.
මේ පිළිබඳව තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී කොටි නායකයන් තමන්ට නැගෙනහිර ඡන්ද ප්‍රමාණය සකස් කර දෙන බව පැවැසූ බවද අමාත්‍යවරයා හෙළි කළේය.
“නැගෙනහිර මිනී මරපු රාම්, නගුලන් වගේ නායකයින්ට ගෝඨාභය රාජපක්ෂ පඩි ගෙව්වා. කේ.පී.ට, රාම්, නගුලන්ට ඒ ත්රස්තවාදීන් හයසිය ගණනක් මොණරාගල, කතරගම අපේ ජනතාව මරපු අය. ඔවුන් අදටත් ජීවතුන් අතර ඉන්නවා. ඒ ත්‍රස්තවාදී නායකයින්ට රාජපක්ෂලා හානිපූරණය කරලා දුන්නා.
ඒ වගේම දාහකට ආසන්න ප්‍රමාණයක් හමුදා බුද්ධි අංශවලට බඳවාගෙන මාසික පඩියක් කොටින්ට සහ ඔවුන්ගේ සන්නද්ධ අංශවලට දුන්නා.
අපි ඇහුවා මොකද්ද මේ කරන්නේ කියලා, එතකොට කිව්වා වන්නියේ නැගෙනහිර කේ.පී.ලා, රාම්ලා, නගුලන්ලා ගිහින් ජනාධිපති ඡන්දෙදි මට ඡන්ද ටික හදලා දෙනවා කියලා මහින්ද මහත්මයා කිව්වා. රාජපක්ෂලා හානිපූරණය කළේ එහෙමයි.
පුළුවන් නම් ඉස්සරහට ඇවිත් කියන්න කියලා අපි රාජපක්ෂලාට අභියෝග කරනවා බුද්ධි අංශවලින් පඩි ගෙව්වාද නැද්ද කියලා කොටි නායකයින්ට. එහෙම අය තමයි මේ ත්රස්තාවදය පරාජය කරන මාරක සටනේ පැත්ත පළාතක නොහිටපු උන් තමයි අද මේ ෆේස්බුක් එකේ වීරයෝ වෙන්න දඟලන්නේ"
popular news
Champa Thursday, 25 October 2018 04:17 PM
නොදන්නා මඟුල් කියවන්නේ නැතුව ඉන්නවද? LTTE කියන්නේ ගරිල්ලා සංවිධානයක්. මුහුණට මුහුණ සටන් කරපු සංවිධානයක් නෙමෙයි. ඒ සංවිධානේ ඇතුලේ ඔත්තු ගන්න පුළුවන් ප්රභාකරන් කිට්ටුවෙන්ම හිටපු කොටි නායකයන්ගෙන්. බුද්ධිඅංශ වලට ඔත්තුකාරයන් බඳවා ගැනීම ලෝකෙම පිළිගත්ත සම්ප්රදායක්. උන්ට පඩි ගෙවන්න ඕනේ තමයි. නැත්නම් දෙන ඔත්තු වලට ඒ ඒ වෙලාවට ගෙවන්න ඕනේ අර නාමල්කුමාරට වගේ. මහින්දවත් ගෝඨාභයවත් විශේෂයක් කරලා නැහැ කොටින්ට. යුද්ධය නවත්තන්න කරන්න පුළුවන් හැම පැත්තෙන්ම වැඩ කරලා තියෙනවා වගේම කොටි සංවිධානය පාවා දුන් සියලු ප්‍රාදේශීය සහ පිටරට හිටි කොටි නායකයන්ව උපරිමයෙන් පාවිච්චි කරලා තියෙනව. කොටින්ට ආයුධ අතැරලා දේශපාලනය ප්රවාහයට එන්න කියලා මුලින්ම කිව්වෙත් කොටි එක්ක සාකච්චා පටන් ගත්තෙත් මහින්ද නෙමෙයි. නමුත් මහින්දගේ කාලේ තමයි ප්‍රාදේශීය කොටි නායකයන්ට තේරුනේ තවදුරටත් සටන් කිරීමෙන් පලක් නැහැ කියලා. ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් යුද්ධෙට ගිහින් මැරෙනවද නැත්නම් ආයුධ අතාරලා සාමකාමී දේශපාලන ප්රවාහයට එකතු වෙනවද කියන එක කොටින්ට හරියටම ඔළුවට ගියේ මහින්දගේ කාලේ. ඊට පස්සේ ආයුධ ඇතාරලා ආණ්ඩුවේ පරාජය කරන මෙහෙයුමට එකතු වෙන්න තීරණය කර
Reply : 1 94
Champa Thursday, 25 October 2018 04:34 PM
සිවිල් පුරවැසියන් සහ පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් දහස් ගණන් මරපු ප්‍රාදේශීය කොටි නායකයන් ආයුධ ඇතාරවල දේශපාලන ප්රවාහයට ගත්ත එක මහින්ද ලබපු ලොකුම ජයග්‍රහණයක්. එහෙම නොකරන්න ඔය කොටි නායකයන් අතින් තව මොන තරම් මිනිස්සු මැරෙන්න තිබ්බද? අනිත් එක කොටි විසින්ම ඇතුලේ ක්‍රියාකාරකම්, කොටි නායකයන් හැංගිලා හිටපු ස්ථාන ගැන ඔත්තු සහ ඔවුන්ගේ ආයුධ ශක්තිය අරක මේක ගැන දීපු ඔත්තු නිසා තමයි ගෝඨාභයට, SFට, හමුදාවේ අනිකුත් ඉහල නිලධාරීන්ට, උතුරේ සිවිල් පුරවැසියන්ට හානියක් නොවෙන විදිහට සහ නියම ඉලක්කෙට පහර දෙන්න සැලසුම් හදන්න උදව් වුනේ කියලා මම හිතනවා. එහෙම නොවෙන්න මොන තරම් නම් සිවිල් සහ හමුදා ජීවිත යුද්ධේ නිසා නැතිවෙන්න තිබ්බද? අනිත් එක KP අල්ලන් ආපහු එක ගෝඨාභයගේ සහ හමුදා බුද්ධි අංශයේ අතිශයෙන්ම සාර්ථක මෙහෙයුමක් කියලා කියන්න පුළුවන්. එහෙම නොකළ නම් ප්‍රභාකරන්ගෙන් පස්සේ ඊළඟ නායකයා විදිහට KP පත්වෙන්න තිබ්බ. ප්‍රාදේශීය දේශපාලන කොටි නායකයන් සහ LTTE එකේ ආයුධ මිලට ගැනීමේ ප්‍රධානියා KP ඇතුළු ප්‍රධාන පෙලේ කොටි නායකයන් කොටි සංවිධානය අතෑරලා සිවිල් සමාජයට ගත්ත නිසා තමයි ප්‍රභාකරන්ගෙන් පස්සේ කොටින්ට නායකත්වයක් නැති වුනේ.
Reply : 0 14
Champa Thursday, 25 October 2018 05:41 PM
2004 කාලේ විතර කරුණා LTTE එකෙන් අයින් වෙලා වෙනම කණ්ඩායමක් විදිහට වැඩ කරන්න පටන් අරන් තිබුන. 2006 LTTE එක මාවිල් ආරු block කලාට පස්සේ මහින්ද කොටින්ට ප්‍රතිප්‍රහාර දෙන්න, යුදමය වශයෙන් පරාජය කරන්න තීරණය කරපුවහම LTTE එක නැගෙනහිරින් එලවන්න, ඒකේ දෙකඩ වීම උදව්වක් වුන. ඊට පස්සේ ආයුධ අතාරවල කොටින්ව දේශපාලන ප්රවාහයට අරන් කැමති පක්ෂේක්ට බැඳෙන්න ඉඩ දුන්න. SLFP එකට එකතු වුනහම තනතුරු දුන්නේ සහ ජාතික ලයුස්තුවෙන් කරුණව 2008 පාර්ලිමේන්තුවට ගත්තේ ඒ වෙනකොටත් ප්රභාකරන් එක්ක හිටපු අනිත් කොටින්වත් ආයුධ අතෑරලා සිවිල් ජනතාව අතරට එන්න ධෛර්යය දීමක් විදහට කියන එක එක ඈත පිටිසර ගමක පුංචි සිඥ්ග්නෝ කෙනෙක්ටත් තේරෙන දෙයක්. මහින්දයි ගෝඨාභයයි LTTE එක පරාජය කරන්න යුද උපක්‍රම විතරක් නෙමෙයි වෙනත් දේශපාලන, මනෝමය සහ මතවාදී උපක්‍රමත් උපයෝගී කරගෙන තියෙනවා තියෙන එක මැටි යූඑන්පීකාරයන්ට හැර ඕනේ මිනිහෙකුට තේරෙන දෙයක්. මට මතකයි පත්තරේක (දිවයින වගේ මතක) කරුණගෙයි පිල්ලියන්ගෙයි පින්තූර දෙකක් දාලා යටින් කවියක් තිබුන. ඔක්කොම මතක නැහැ. "කැලේ හිටපු අපි දෙන්නා කොහිද මලේ" අනික්වා මතක නැහැ. අන්තිම පේලිය "මෙතුමා නේද මේ හැම දේම කළේ."
Reply : 0 0
Champa Thursday, 25 October 2018 06:04 PM
නැගෙනහිරින් දේශපාලනයට ආපු කොටින් ලව්වා චන්ද ගත්ත කතාව විශ්වාස කරන්න බැරි බොරුවක්. 2005දි මහින්දට (කරුණ/පිල්ලියාන්/KPල නැතුව) මඩකලපුවේ චන්ද 18.87% ක් ලැබිල තිබුන. 2010 අරුන් ඔක්කොම එක්කත් ලැබුනේ 26.27% යි. වැඩිවීම යන්තම් 7.4%යි. 2005 Trinco 37.4%ක් ලැබිල තිබුන. 2010 අරුන් ඔක්කොම එක්ක චන්ද ලැබුනේ 43.04%යි. වැඩිවීම යන්තම් 10%යි. 2005 දිගාමඩුල්ලේ 42.88%යි. 2010 අරුන් ඔක්කොම එක්ක 47.92%යි. වැඩිවීම යන්තම් 5.04%යි. පැහැදිලිවම පේනවා දේශපාලනේට ආව කරුණලා පිල්ලෙයාන්ලා හෝ KP හින්ද මහින්දට නැගෙනහිර දෙමල චන්ද හම්බ වුනේ නැහැ කියලා. ඒ මොකොද කිව්වා නම් LTTE එක පාවල දුන්න කියලා දෙමල මිනිස්සු එවුන් එක්ක තරහ නිසා. නැගෙනහිර ලැබුණු චන්ද කොහොමත් මහින්දගේ චන්ද. LTTE එක පරාජය කරලා මිලියන් 22ක් ජනතාවට ජීවිත දානය ලබා දුන්නු මහින්දටයි ගෝඨාභයටයි ගරහන එක දැන්වත් නවත්තවපං බූරු(වා) ආණ්ඩුව. පහර ගහන්න ඕනේ නම් ප්රතිපත්තියක පිහිටලා පහර ගහපන්. මමත් ගෝඨාභය ඊළඟ ජනාධිපති වෙනවට විරුද්ධයි. හේතු:1.හමුදා පාලකයේ අකමැතිවීම. 2. මහින්දට දේශපාලනයෙන් ඉවත් වෙන්න වීම. 3. ජාතියක් විදිහට මහින්ද වෙනුවෙන් කරන්න තියෙන යුතුකම් කරන්න බැරිවී
Reply : 0 0
බි.ඩ්.එස්.විජේවර්ධන Thursday, 25 October 2018 06:23 PM
මෙයා හරියට නමල් කුමාර වාගෙයි , මෝඩ කුහකයෙක්
Reply : 0 0
Champa Thursday, 25 October 2018 06:27 PM
කොටින්ට උතුර දීල හරි හමුදාවේ මිනිස්සු මැරෙන එකයි බෝම්බ වලින් මිනිස්සු මැරෙන එකයි නවත්තන්න කියල කියපු රටක, උතුර නැගෙනහිරත් රැකගෙන, රටේ ඒකීය භාවයත් රැකගෙන, හමුදාවේ මැරෙන මිනිස්සු ගානත් අවම කරගෙන, පුළුවන් විදිහට කොටි නායකයන්ගෙන් ආයුධත් අතාරවගෙන, තව කොටි හමුදවට ඔත්තු දෙන්නත් හරවා ගෙන, ජාත්‍යන්තරයේ දහසක් පීඩන, තර්ජන මැද්දේ සහ ඒකාලේ විපක්ෂයේ කකුල් ඇදීම, පිටරට ගිහින් කියපු බොරු මානව හිමිකම් චෝදනා, ගැරහීම්, චරිත ඝාතන ඔක්කොමත් එක්ක මහින්ද රාජපක්ෂ මේ රටට සාමය ගෙනාවේ අපිට විතරක් නෙමෙයි (තොපිටත්) එක්ක. එදා ඒවා කලේ LTTE ත්‍රස්තවාදයෙන් රට බේරගන්න. අද, LTTE ත්‍රස්තවාදය නැති කරපු රටක, සාමය ගෙනල්ල අවුරුදු 10 කට පස්සේ ත්රස්තවාදීන් හොයා හොයා උන්ට වන්දි ගෙවන්න හදන්නේ ඊළඟ චන්දෙත් කොටි ඩියස්පෝරාවේ උදව්වෙන්ම දිනන්න මිසක් වෙන මොකොටද. මේ කරන්න හදන්නේ වැටිලා ඉන්න කොටි ආපු නැගිට්ටවන්න. උන්ට ධෛර්යය දෙන්න. නැති කරලා දාපු ත්‍රස්තවාදී සංවිධානයක, ලෝකේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය කියලා ඒ කාලේ කියපු සංවිධානයක පරණ ත්රස්තවාදීන්ට සාමකාමී කාලේ වන්දි ගෙවන ලෝකේ එකම රට. වහල් ආණ්ඩුව බලයට එන්න දීපු චන්ද පොරොන්දු මේවා.
Reply : 0 0
Champa Thursday, 25 October 2018 06:46 PM
මහින්ද රාජපක්ෂ කියන්නේ අතු පතර විදහා ගත්ත රූස්ස නුග ගහක් වගේ මුළු රටම වහගෙන තමන්ගේ තනි හයියෙන් රටටම හෙවන දුන්නු නායකයෙක්. යුද්ධය තියෙද්දිත් මුළු රටටම තුන් වේල කන්න දීපු නායකයෙක්. LTTE ත්‍රස්තවාදය තියෙද්දී සහ පසුව කිසි දවසක තමන්ට ආපු දේශීය විදේශීය පීඩන, තර්ජන, අභියෝග, කෙනෙහිලි ගැන කවදාවත් කතාවත් නොකරපු නායකයෙක්.ඒ හැමදේම තනියම දරා ගත්ත නායකයෙක්. 1948 ඉඳන් මේ වෙනකම් ලංකාව පලනකයන් අතරින් රටට පහල වෙච්ච ප්රතාපවත්ම නායකයා. හරි නායකත්වයක් නැතුව හිටපු සිංහල ජාතියට උදාර නායකත්වයක් දීපු එකම නායකයා. කිසි දවසක පරද්දන්න බැහැ කියලා ජාත්‍යන්තරය එක දිගටම කිව්ව, පාබල, ගුවන්, නාවුක හමුදා බලයක් තිබ්බ ලෝකේ එකම ගරිල්ලා සංවිධානය පරාජය කරලා රටට සාමය ගෙනත් දීපු නායකයා. මහින්ද රටට කරපු සේවය හෑල්ලු කරන, මහින්දට ගරහන වහල් ආණ්ඩුවේ ඇමතිලට කවද හරි එන්න වෙනවනේ මිනිස්සු ඉස්සරහට චන්දෙ ඉල්ලගෙන. 2015 අගෝස්තු හරියට සලකන්න බැරි වුන. ඊලඟ චන්දෙදී එයිනේ. ඇත්තමයි කියනව මිනිස්සුන්ට යූඑන්පී එකෙන් චන්දෙ ඉල්ලන් එන එවුන් එක්කොටම අත දිගෑරල නෙලපියව් කියලා. අතට අහු වෙච්ච එකකින් ගහපියව් කියලා. බිත්තර, තක්කාලි, පොල් කෝම්බ, 2x4
Reply : 0 0
Don Thursday, 25 October 2018 07:38 PM
Rajapaksas will pay any criminal to gain votes
Reply : 11 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd