සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) වර්තමාන රජය විසින් නතර කිරීමට ගනු ලැබූ තීරණය නිසා ජපන් රජයට සහ ජපානයේ ජනතාවට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළකරන බව සඳහන් කරමින් හිටපු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ජපන් අග්‍රාමාත්‍ය යොෂිහිදේ සුගා මහතාට ලිපියක් යොමුකර තිබේ.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රය උදෙසා මෙතෙක් සිදුකළ වඩාත් ඉහළම බලපෑම් සහගත, උපායමාර්ගික වශයෙන් විචක්ෂණශිලී සහ මූල්‍ය වශයෙන් වඩාත්ම ලාභදායක ව්‍යාපෘතිය බවත් ජපන් මූල්‍ය සහයෝගීතාවය මත ඉදිකිරීමට නියමිතව තිබූ බවත් මන්ත්‍රීවරයා සිය ලිපියෙන් සඳහන් කරයි.