ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ශක්තිය කඩා වැටී ඇතැයි ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා අන්තර් සමාගම් සේවක සංගමයේ හිටපු ලේකම් එස්.අමසිංහ මහතා පැවසීය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.
බඩුමිල වැඩිවීමට විරුද්ධව හා නිර්ධන පන්ති සමාජවාදය වෙනුවෙන් පෙනී නොසිටීම, විප්ලවය නොකිරීම, අභ්‍යන්තර සංවිධාන ක්‍රියාත්මක නොවීම, ස්වයං විවේචන සිදුනොවීම, නන්දන ගුණතිලක, විමල් වීරවංශ, කුමාර් ගුණරත්නම්, සෝමවංශ අමරසිංහ යන මහත්වරුන් සමග සාමාජිකයන් ඉවත්ව යෑම ආදී කරුණු ගණනාවක් මේ සඳහා බලපා තිබෙන බවද හෙතෙම පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය කිරීමට බිමක් සාදා ගැනීම සඳහා 20 වැනි සංශෝනය ඉදිරිපත් කර තිබෙන බවත්, නිහාල් ගලප්පත්ති මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට යොදාගත් උපාය මාර්ගය ඒ සඳහා භාවිතා කර තිබෙන බවත් අමරසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
සාමාජිකයන් 12 දෙනෙකු සහිතව අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් ධුරය භාරගත් තමන් එහි අවුරුදු 10ක් කටයුතු කර ඉවත් වන විට සාමාජිකයන් 373000ක් සිටි බවත්,අද වන විට එම සංවිධානය කඩා වැටී සාමාජිකයන් ඉවත්ව තිබෙන බවත් ඔහු පැවසීය.
මෙතෙක් කල් ජවිපෙ තුළ තිබූ සමාජවාදී අදහස් හා නිර්ධන පන්තියේ දුක්විඳීම අමතක කර විප්ලවය සහ මැරුණු සහෝදරයන් ගණිකා වෘත්තියේ යොදවමින් එහි නායකයන් කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.