JVP හා TNA සමග එක්වීමේ හැකියාවක් නෑ - හකීම්
එළැඹෙන මහ මැතිවරණයේචදී ඉලක්ක කර ගනිමින් තම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමග හෝ දෙමළ සන්ධානය සමඟ සන්ධාන ගත නොවන බවත් දේශපාලනික වශයෙන් දරන මත එකිනෙකට වෙනස් නිසා එම පක්ෂ සමග මැතිවරණයකට තරග කිරීම පිණිස එකතුවීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 29 වැනි සමුළුවේදී තමන් කළ කථාව තුළින් වැරදි මතයක් සමාජගත ව තිබෙන බවත් ඔහු පැවැසීය.
මුස්ලිම් කොංග්‍රසයේ නායකවරයා එසේ පවසා සිටියේ මහනුවරදී අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීම පිණිස සුළු පක්ෂ හා සුළු ජනතාව නියෝජනය කරන පක්ෂ එකට එකතු වී කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බවත් ඒ සඳහා එම පක්ෂ සමඟ සාකච්ඡා කරන බවත්ය.
ඉදිරි මහ මැතිවරණය ඒ සඳහා මුස්ලිම් කොංග්‍රසය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ගොඩනැගෙන සන්ධානය සමග එක්ව තරග කරන බවත් තමන් මහනුවර දිස්ත්‍රික්ක සඳහා ඉදිරිපත්වන බවත් ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
ෂේන් සෙනෙවිරත්න/චමිල් රූපසිංහ

popular news
-
නිමල් Monday, 24 February 2020 09:55 PM
TNA එක්ක හෝ මුස්ලිම් කොන්ග්රස් එක්ක JVP එකතු උනා කියන්නේ, JVP මිනීපෙටියේ අන්තිම ඇණයත් ගැහුවා කියන එක තමයි.
Reply : 0 0
Deepal Nirosh Tuesday, 25 February 2020 10:35 AM
ඔන්න ඔහොම යං, අරෙහෙ මෙහේ අගුපිල්වල ලගින්නෙ නැතුව තමුන්ගෙ මහ ගෙදරත් ඒක්ක ඉන්නවනම් රටේ උතුරු දකුණු ජනතාවට ගිය ජනාධිපතිවරණයෙදි වගේ සුපැහැදිලි තීරණ ගන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

