ISIS සංවිධානයට සම්බන්ධ බවට සැකසහිත බවට සඳහන් වූ වැට්ස්ඇප් සමූහය ව්‍යාජ එකක් බවට මේ වන විට තොරතුරු තහවුරු වී තිබේ.
මෙම වට්ස්ඇප් සමූහය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලීසිය තුළ අභ්‍යන්තරයේ හුවමාරු වූ ලිපියක් සමාජ මාධ්‍ය තුළ පැතිර යාම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි අවධානයෙක් යොමුවිය.
කෙසේ වෙතත් පොලිස් දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරීක්ෂණයකින් අණාවරණය වී ඇත්තේ එම වට්ස්ඇප් සමූහය ව්‍යාජ හා අක්‍රීය මට්ටමේ පවතින බවයි.
මෙම වට්ස්ඇප් සමූහයට යමෙක් එක් වූ විට එයින් ඉවත් විය නොහැකි බවටද සඳහන් විය.