ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධතා ඇති බවට චෝදනා ලැබූ නවසීලන්ත පුරවැසියෙකු සහ ඇගේ කුඩා දරුවන් දෙදෙනා නැවත පැමිණීම පිළිගන්නා ලෙස තුර්කි බලධාරීන්ගෙන් කළ ඉල්ලීමකට තමන් එකඟ වූ බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩේන් ප්‍රකාශ කරයි.
මෙම වසර මුලදී සිරියාවෙන් තුර්කියට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටියදී ඔවුන් තිදෙනා තුර්කියේ සංක්‍රමණික රැඳවුම් භාරයේ පසුවෙති. තුර්කි බලධාරීන් ඉල්ලා සිටියේ නවසීලන්ත පුරවැසිභාවය සහිත එම පවුල නැවත සිය රටට ගෙන්වා ගන්නා ලෙසයි.
"නවසීලන්තය මේ පියවර සැහැල්ලුවට ගෙන නැහැ. අපගේ ජාත්‍යන්තර වගකීම් මෙන්ම ළමයින් සම්බන්ධ කාරණය ඇතුළුව මේ විශේෂිත නඩුවේ තොරතුරුද අප සැලකිල්ලට ගෙන තිබෙනවා" වෙලින්ටන්හි පැවති කැබිනට් රැස්වීමකින් පසුව ආර්ඩේන් ප්‍රකාශයක් නිකුත් කරමින් කීවාය.
මෙම කාන්තාව නවසීලන්තය සහ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගෙන තිබුණි. ඇගේ පවුලේ අය ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූයේ ඇයට වයස අවුරුදු හයේදී වන අතර, ඇය 2014 දී සිරියාව බලා පිටත්ව යාමට පෙර ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයකින් එහි හැදී වැඩුණි.
නමුත් ඕස්ට්‍රේලියානු රජය ඇගේ පුරවැසිභාවය අවලංගු කර තිබුණි. කෙසේ වෙතත් ඇයට මේ දක්වා නවසීලන්ත පුරවැසිභාවය පවතින බව කියයි.