යාපනය චුණ්ඩික්කුලි බාලිකා විදුහලේ විදුහල්පතිනියගේ නිවසට එම විදුහලේ බෝම්බ තබන බව සඳහන් කරමින් ඊයේ (04) දින අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ධජයද ඇතුළත් ජාතික තවුහීද් ජමාද් සංවිධානය නමින් ලිපියක් එවා ඇති බව යාපනය පොලීසිය පවසයි.
චුණ්ඩික්කුලි බාළිකා විදුහලේ විදුහල්පතිනි රුසිධරන් දුෂ්‍යන්ති මහත්මියගේ නිවසට මෙම තර්ජනාත්මක ලිපිය ලැබී ඇති අතර එම අවස්ථාවේම විදුහල්පතිනිය විසින් ඒ බව පොලීසියට දැනුම් දී ඇත.
මේ අනුව අදාළ ලිපියේ අයි.එස්.අයි.එස්. ධජයට අමතරව තරුණයෙකුගේ ඡායාරූපයක්ද දක්නට ලැබෙන අතර එම තරුණයා කව්රුන්දැයි යන්න මෙතෙක් හෙළි වී නොමැති බවත් එම ලිපිය දෙමළ බසින් ලියා ඇති බවද යාපනය පොලීසිය පවසයි.