ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට ලංකාවේ 140ක් පමණ සම්බන්ධ බවට තොරතුරු ඇති බවත් එයින් 70ක් පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.
“පොලිසිය, එස්ටීඑෆ් අපරාධ පරික්ෂක දෙපාර්තමේන්තුව, ති‍්‍රවිධ හමුදාව ෙමේ කටයුතු කරගෙන යනවා ඉතාම සාර්ථකව, මේ වන විට 70කට වැඩි පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා, සාමාන්‍යයෙන් අපට තිබෙන තොරතුරු අනුව 140ක විතර සංඛ්‍යාවක් තමයි මේ අයිඑස් සංවිධානයට සම්බන්ධ පිරිස ලංකාවේ සිටින්නේ.
ඒ සියලුදෙනා අත්අංඩගුවට ගැනීමටත්, ඒ අය සොයා ගැනීමේ මෙහෙයුම් මේ වන විට කි‍්‍රයාත්මක කරලා තිබෙනවා. දැන් ඔබට පේනවා මොනතරම් අපේ ආරක්ෂක හමුදාව කි‍්‍රයාශීලිව කටයුතු කරලා තිබෙනවද කියලා. අත්අඩංගුවට ගැනීම්, වැටලීම්, පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම් මෙවැනි කාරණා. ඒ නිසා ඉදිරි දින කිහිපය තුළ මම විශ්වාස කරනවා අපිට සම්පූර්ණයෙන් මේක මර්දනය කරන්න පුළුවන් කියලා.
ලෝකයේ අනෙක් රටවල් මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා වගේම මේ ප්‍රශ්නයට අපිට මුහුණ දෙන්න පුළුවන් අයිඑස් ලංකාවේ කි‍්‍රයාකාරිත්වය අපි නවත්තවනවා සම්පූර්ණයෙන්, ඒ හැකියාව ශක්තිය ති‍්‍රවිධ හමුදාවට පොලිසිට තිබෙනවා. ඔවුන්ගේ බුද්ධි අංශ අනෙක් මෙහෙයුම් සඳහා තිබෙන දක්ෂතාවයන් මේ සියල්ල ඔවුන්ට තිබෙනවා.
මේ වන විට ඉතා ප්‍රබල රටවල් කිහිපයක විශේෂඥයන් ප්‍රධාන වශයෙන්ම අයිඑස් සංවිධානයට විරුද්ධව කටයුතු කරන විශේෂඥ කණ්ඩායම් ලංකාවට ඇවිල්ලා අපේ ආරක්ෂක හමුදාවන් සමග එකතුවෙලා කටයුතු කරනවා. කිසිම හමුදාවක් ලංකාවට ගෙනල්ලත් නැහැ, ගේන්නෙත් නැහැ, ඒ එක් එක් අංශවල දැනුම ලබා ගැනීම සඳහා පුහුණුවීම්වලට අවශ්‍ය විශේෂඥයන් තමයි දැනට ලංකාවේ අපේ නිලධාරින් සමග කටයුතු කරන්නේ.
ඒ නිසා මම විශ්වාස කරනවා මේ සියලූ දේවල් අපිට ප්‍රශ්නයක් බවට පත්වුණත්, අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවුණත් අපිට හැකියාවක් තිබෙනවා මෙය සම්පූර්ණයෙන් මර්දනය කරන්න, මෙය සම්පූර්ණයෙන් මර්දනය කරනවා."