ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සිවු අවුරුදු විස්තීර්ණ ණය පහසුකමේ හය වැනි අදියර සඳහා නිලධාරී මට්ටමේ එකඟතාවට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් මේ මස 10 දා සිට 25 දා දක්වා ශ්‍රී ලංකාවේ කළ සංචාරයකින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු රජයේ ඉහළ පෙළේ බලධාරීන් හා සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ මූල්‍ය විනය ආරක්ෂා කිරීම හා ආයතනික ව්‍යුහයන්හි සිදුකර ඇති වෙනස් කිරීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබේ. එසේම නව මහ බැංකු පනතද ඔවුන්ගේ ප්‍රසාදයට ලක්ව තිබේ.