ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) සාමාජික රටවල දායකත්වය සහිත අභ්‍යන්තර සම්පත් ප්‍රදානයක් ලෙස භාවිතා කරමින් සෝමාලියාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය දැක්වීම පිණිස පිහිටුවීමට අපේක්ෂිත හිඟ මුදල් පියවීමේ සහ ණය සහන පැකේජය සඳහා ශ්‍රී ලංකව දායකත්වය ලබාදීමට තීරණය කර තිබේ.
ඒ අනුව රුපියල් මිලියන 163කට සමාන මුදලක් ශ්‍රී ලංකාවේ සමස්ත දායකත්වය ලෙස සෝමාලියා පාලිත ගිණුම වෙත මාරු කිරීම පිණිසට මුදල්, ආර්ථික සහ පුතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අපහසුතා බෙදා ගැනීමේ ක්‍රම‘වේදය (Burden Sharing Meechanism) එහි විධායක මණ්ඩලය මගින් 1986 දී අනුමත කරන ලදී.
විවධ හේතූන් මත සාමාජිකයින් විසින් ගාස්තු නොගෙවීම නිසා අරමුදලට අහිමි වන ආදායම ප්‍රතිපූර්ණය කිරීම පිණිස මෙම ක්‍රම‘වේදය සකස් කරනු ලැබ ඇත.
ඒ අනුව අරමුදලෙහි විධායක සභාව විසින් 2019 දෙසැම්බර් මාසයේදී අනුමත කරන ලද සෝමාලියාවේ හිඟ මුදල් පියවීමේ සහ ණය සහන පැකේජය සඳහා සාමජික රටවල අභ්‍යන්තර සම්පත් සම්පූර්ණ වශයෙන් හෝ කොටසක් දායක කරන මෙන් අරමුදල විසින් සාමාජික රටවලින් ඉල්ලීමක් කරනු ලැබීය.
ඒ සඳහා වන ශ්‍රී ලංකාවේ දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් එකඟතාව පළකර තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම දායකත්වය දක්වීමට නියමිතය.