IMF සාකච්ඡා සාර්ථකයි - හර්ෂ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් හා පැවැති සාකච්ඡා සාර්ථක බව කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පැවැත්වීය.
ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදය හේතුවෙන් මෙම ණය පහසුකම පිළිබඳව පැවැත්විමට තිබූ සාකච්ඡා කල් දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කෙරිණි. ශ්‍රි ලංකාවේ ජනතාහිතවාදී සංවර්ධනයක් මෙන්ම වෙළඳපොළ පිළිබඳව විශ්වාසය ශක්තිමත් කිරීම වෙනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති මිශ්‍රණයකට මෙහෙිදී එකඟතා ඇතිවූ බවද ඔහු ප්‍රකාශ කරයි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු නියෝජිත පිරිසක් මෙම සාකච්චා සඳහා එක්ව තිබේ.
Had productive meeting w MD @IMFNews @Lagarde w @MangalaLK n Gov @CBSL etc. on post coup adjustment of program. Agreed that a strong policy mix n effective implementation of economic reforms are key to strengthen market confidence and support people friendly growth in #SriLanka. pic.twitter.com/NiPgQCp3vr
— Harsha de Silva (@HarshadeSilvaMP) January 16, 2019
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

