IDH රෝහලේ පවතින ඇදන් ප්‍රමාණයට වඩා මේ වනවිට රෝගින් ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇදන් 08 ම පිරී පවතින බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
එම රෝහලට තවදුරටත් රෝගීන් ඇතුළත් කිරීමට නොහැකි බව ද රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. සිංහල අලූත් අවුරුද්දෙන් පසුව එම රෝහලට ආසාදිතයන් ඇතුළත් කිරීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
මේ අතර මුල්ලේරියාව රෝහලේ දැඩි සත්කාර ඒකකය, අධි සත්කාර ඒකකය හා ප්‍රධාන පිරිමි වාට්ටුව ද කොරෝනා ආසාදිතයින්ගෙන් පිරී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි