IDH රෝහලින් පැන ගිය කොවිඩ් ආසාදිත කාන්තාව තවමත් සොයාගෙන නෑ
අයි.ඩී.එච්. රෝහලින් පැනගිය කොවිඩ් ආසාදිත කාන්තාව අද පෙරවරුව වන විටත් සොයා ගැනීමට නොහැකි වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇහැළියගොඩ හා කිරිඇල්ල පොලිස් ස්ථාන මගින් ඊයේ දිනයේදී පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ කළත් ඇයව සොයා ගැනීමට නොහැකි වූ බවයි.
මෙම ආසාදිත කාන්තාව පෙරේදා දිනයේදී ඇයගේ අවුරුදු දෙකක පුතු සමග රෝහලින් පැන ගිය අතර එම පුතා ඥාතී නිවසක සිටියදී පොලීසිය විසින් සොයා ගනු ලැබීය.
එම දරුවා මේ වන විට නිරෝධායන හා ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
-
Viruwa Saturday, 21 November 2020 03:36 PM
Viruwa awitj kelin karanawA kiyala 69lakshe kiyapu buddhi anse kohed? Samaharawita viruwa thsma janapathi wela natjiwa athi. Ekko Covid hida viruwata bariwa athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
