මෙරට ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සභාවේ ක්‍රමවේදවලට පරිබාහිරව යමින් පෞද්ගලික සහකාර නිලධාරිවරයා වෛද්‍ය සභාවේ නියෝජිතයෙකු ලෙස පත්කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව වෛද්‍ය සභාවේ සභාපති තනතුරටද ඔහුට හිතවත් මහාචාර්යවරයෙකු පත්කර තිබෙන බවත්, ඔහු සයිටම් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි නිලධාරියෙකු බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
මේ නිසා තනතුරුවලට පත්වූ දෙදෙනාම වෛද්‍ය සභා සාමාජිකයන් ලෙස සිතා ජනතාව වෙනුවෙන් සේවය කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
පෞද්ගලික සහකාර තනතුරේ කටයුතු කරන වෛද්‍යවරයා ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ තනතුරට පත්කර සිටි බවත්, ඔහුට ඒ සඳහා සුදුසුකම් නොමැති වීම නිසා මේ වන විට අධිකරණයෙන් තනතුර අත්හිටුවා තිබෙන බවත් සහකාර ලේකම්වරයා පවසා සිටියේය.