රජයේ විධායක ශ්‍රේණි නිලධාරින්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකාවෙන් වෛද්‍යවරුන්ට අසාධාරණයක් සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදීම හරහා යම් ආකාරයකට වෛද්‍යවරුන්ට ගැටලුවක් සිදුවුවහොත් බදාදා (18දා) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද එම සංගමය සඳහන් කරයි.