රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩව පවත්වාගෙන ආ වැඩ වර්ජනය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට එම සංගමය තීරණය කර තිබේ.
තෙදිනක් පුරාවටත් අද දිනයේදීත් ක්‍රියාත්මක කළ මෙම වැඩවර්ජනය හේතුවෙන් බොහෝ රෝගින් පිරිසක් අපහසුතාවට පත්විය.
රෝහල්වල කටයුතුද බොහෝ සෙයින් අඩාල විය.