වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සඳහා පැවතියේ දෙශපාලන බලපෑම් නොව එය මාෆියා සංවිධානයකට නතුව තිබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.
එහි මාධ්‍ය ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න අද (23) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කරනුයේ එම සංවිධානය මගින් අධිකරණ වාරණයක්ද සහිතව කිසිදු නීත්‍යානුකූලභාවයකින් තෙරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කුමන්ත්රණකාරී වැඩ වර්ජනය නියැලී සිටින බවයි.
එමෙන්ම මෙතුවක් කල් වෛද්‍ය පරිපාලනය තමන්ගේ ග්‍රහණයට නතු කරගනිමින් මාරු මණ්ඩල සියල්ල පාලනය කලේ රජයේ වෛද්‍ය සංගමය බවත් එයින් මෙරටට සේවයක් කරන වෛද්‍යවරුන්ට බලවත් අසාධාරණයක් වූ බවයි.
පත්වීම්, උසස්වීම්, ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමේදි රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිනි බලධාරියා ලෙස එම අණ පනත් වලට අනුව නිවැරදිව කටයුතු කරනවා මිසක මාෆියා සංවිධානයකට යටත්ව කටයුතු නොකල යුතු බවද වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරයි.