ඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ මුදල් ගණුදෙනුවක් හා එහි තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කිරීමකට අදාළ එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් බිලියන 7.2ක මුදලක් වංචා කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය හා විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ජීවක එදිරිසිංහ, අංජලී දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතපති ලබාදුන් උපදෙස් අනුවය.
ඔවුන් අපරාධ නීති වැරදි හා වෙනත් වැරදි
සිදුකර ඇති බවත් සැකකරුවන් හෙට දිනයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.