ETI තැන්පත්කරුවන්ගේ පැමිණිලි විභාග කිරිමට අධිකරණය අවසර දෙයි
එදිරිසිංහ ට්‍රස්ට් මුල්‍ය සමාගම හෙවත් ඊ.ටී.අයි. මුල්‍ය සමාගමේ තැන්පත් කොට ඇති තමන්ගේ මුදල් ආපසු ගෙවීමට නියම කරන්නැයි ඉල්ලමින් එහි තැන්පතුකරුවන් පෞද්ගලිකව ඉදිරිපත් කොට ඇති පැමිණිල්ල විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (07) නියම කළාය.
මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන්ට නීතීමය බලයක් නොමැති බවට වගඋත්තරකාර පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප‍්‍රතිෙක්‍ෂප කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම පෙත්සම ලබන 21 වැනිදා සිට විභාග කිරීමට නියම කළාය.
ඊ.ටී.අයි. මුල්‍ය සමාගමේ තැන්පතුකරුවන් පිරිසක් ඉදිරිපත් කොට ඇති මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස එදිරිසිංහ ට්‍රස්ට් මුල්‍ය සමාගමේ අධ්යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ නමැත්තන් නම් කොට ඇත.
ඊ.ටී.අයි. මුල්‍ය සමාගමේ තැන්පත් කොට ඇති තමන්ගේ මුදල් ආපසු ගෙවීමට වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි ඉල්ලමින් එහි තැන්පතුකරුවන් පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබිණි.
මෙම පෙත්සම ලබන 21 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළ මහෙස්ත්‍රාත්වරිය එදින මෙම පැමිණිල්ල යළි කැ`දවීමටද නියම කළාය.
මනෝප්රිය ගුණසේකර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

