විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ වනවිට නිවාසවල එක්රැස් ව පවතින අතර ඒවා විධිමත් ලෙස එක්රැස් කිරීමට පියවර ගෙන නොමැති නිසා සෞඛ්‍ය ගැටළු පවා මතුවීමට ඉඩ තිබේ.
දැනට මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ලියාපදිංචි ව තිබෙන පුද්ගලික අංශයේ ආයතන 28ක් පමණ මෙම විද්‍යුත් හා ඉළෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විවිධ ප්‍රදේශවලින් අවිධිමත් ලෙස එක්රැස් කර ප්රතිචක්රීයකරණය සඳහා අපනයනය කරනු ලබයි.
විශේෂයෙන් ජපානයේ ආයතන කිහිපයක් මෙම අපද්‍රව්‍ය මිල දි ගනු ලබන්නේ ඒවායේ අඩංගුවන ඉහළ වටිනාකමක් සහිත ලෝහ කොටස් ඉවත් කර ගැනිම සඳහාය. විශේෂයෙන් පරිගනක හා රූපවාහිනි වන ඇතුළත් කර තිබෙන Printed Circuit Board- PCB හි රත්තරන් හා ප්ලැටිනම් වැනි ඉතා මිල අධික ලෝහ අඩංගු වේ. ජපානයේ ඇතැම් සමාගම් විසින් ඒවා මිල දී ගනු ලබන්නේ මෙම වටිනා ලෝහ කොටස් ඉවත් කර ගැනීම සඳහාය.
පසුගිය කාලය තුළ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ සති ක්‍රියාත්මක කළ ද එම වැඩසටහන් යම් තරමකට සාර්ථක වුයේ බස්නාහිර පළාතේ පමණි. එහෙත් දිවයිනේ අනිකුත් ප්‍රදේශවල ද බහුල වශයෙන් මෙම බැහැර කරන ලද විද්‍යුත් ඉළෙක්ට්‍රොනික උපකරණ කිසිදු ප්‍රයෝජනයකින් තොරව ඉවත දමා තිබෙන බව වාර්තා වේ.
එමනිසා බහුල වශයෙන් ඇති මෙම උපකරණ අපනයනය නොකර එහි ඇති වටිනා ලෝහ කොටස් ඉවත් කර ඒවා රටේ අවශ්‍යතාවයන් සඳහා යොදා ගැනීමටත්, ඉතිරි වන කොටස් දහණයට ලක් කිරීමත් කළ හැකිය.
මේ සම්බන්ධව රජයේ අවධානය යොමු කිරීම සඳහා තමන් යෝජනාවක් රජය වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත්, මෙවැනි ව්‍යාපෘති කිහිපයක් ආයෝජන ප්‍රවර්ධන කළාපවල පිහිටුවීමට යෝජනා වී ඇතත් ඒවා මෙතෙක් ක්‍රියාත්මක වී නැති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.