5.19 PM ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව වන විමර්ශන අවසන් වන තෙක් ඔහුව අනිවාර්ය නිවාඩු යැවීමට පොලිස් කොමිෂම තීරණය කර තිබේ.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය කළ නිර්දේශයක් අනුව අද පස්වරුවේ රැස්වූ පොලිස් කොමිෂම මෙම තරණය ගෙන තිබේ. එසේම ඒ පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමටද පොලිස් කොමිෂම කටයුතු කර තිබේ.
1.28 PM ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී තිබෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්යය නිවාඩු යවන ලෙස නීතිය හා සාමය අමාත්‍යාංශය පොලිස් කොමිසමට නිර්දේශ කර තිබේ.
මීට අමතරව පරීක්ෂණ කටයුතු විධිමත් කරන ලෙසද අමාත්‍යාංශය බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. මේ අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කඩිනමින් අනිවාර්යය නිවාඩු යැවීමට නියමිතව තිබේ.