සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා පොලීසිය ජනතාවගෙන් නිරෝධායන නීති අනුව කටයුතු කරන ලෙස දැනුම් දුන් විට එම උපදෙස් අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
එසේම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව අත්අඩංගුවට ගත් වැඩිම පිරිස ඊයේ දිනයේදී වාර්තා වූ බවත් එය 125ක් බවත් මෙයින් වැඩිම පිරිසක් ගම්පහ බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ වන විට ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 513ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 63කි.