උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය ඊයේ (07) දින එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත භාරදී තිබේ.
මේ අනුව සී.වී.විග්නේස්වරන් මහතා ඊයේ දින සිට තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ නිල සාමාජිකයෙකු නොවන අතර මෙම ඉවත්වීමේ ලිපය යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයේදි සේනාධිරාජා මන්ත්‍රීවරයාට භාර දී පසුව පැයක පමණ කාලයක් දෙදෙනා අතර සුහද සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
එහිදී සී.වී.විග්නේශවරන් මහතා පවසා ඇත්තේ තමන් විසින් පිහිටුවා ගන්නා ලද ටී.එම්.කේ.පක්ෂය ඔස්සේ ඉදිරියට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන බවත් තමන් කිසි විටක උතුරු පළතේ දේශපාලන කටයුතු වලින් බැහැර නොවන බවය.