උතුරු හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා නිර්මාණය කර ඇති දෙමළ ජනතා සභාව පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී උතුරු හා නැගෙනහිර පළාත් දෙකටම තරග කිරීමේ සූදානමින් පසුවෙයි.
එම පළාත් වලින් මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන අපෙක්ෂකයින් තෝරාපත් කිරීමේ කටයුතු අවසන් වී නොමැති බැවින් ඉදිරි දින කිහිපය තුළදී එම කටයුතු අවසන් කිරීමට පියවර නියමිතය.
මේ වන විටත් යාපනය හා කිලිනොච්චිය දිස්ත්රීක් වෙනුවෙන් ආනන්දී ශෂිධරන් හිටපු පළාත් සභා මන්ත්රීවරිය නායකත්වය දරමින් මැතිවරණ කටයුතු සිදු කරන අතර එලෙසින් වන්නි මැතිවරණ බල ප්රදේශය සඳහාද නැගෙනහිර පළාත් වෙනුවෙන්ද කාන්තා නියෝජනය ලබා දීමට දෙමළ ජනතා සන්ධානය පියවර ගෙන ඇත.