කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ වෙරළ සීමාවේ සහ ඊට අදාළ ගොඩබිම් ප්‍රදේශයේ (Marina Construction) මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා අදාළ වන ගිවිසුමට ඊයේ (19දා) අත්සන් තැබිණ.
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ CHEC PORT CITY COLOMBO (PRIVATE) LIMITED යන ව්‍යාපෘති සමාගම අතර මීට අදාළ ත්‍රෛපාර්ශවික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණ.
කොළඹ වරාය නගරයෙහි බෝට්ටු සවාරි, හෝටල්, ආපන ශාලා, නිවාස, ලැගුම්හල් ඇතුළු වෙරළ සීමාවේ සහ ඊට ආසන්නයේ ඉදිකෙරෙන ව්‍යාපෘති සහ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබන සේවා, ශරීර සුවතා මධ්‍යස්ථාන ඇතුළු අංග කිහිපයක මූලික මෙහෙයුම් මෙහිදී ආරම්භ කිරීමට නියමිතයි.
මෙහි දීර්ඝ කාලීන ව්‍යාපෘති ආරම්භ කරන තෙක් අනෙකුත් ව්‍යාපෘතිවල මෙහෙයුම් ආරම්භ කරමින් මෙමඟින් ආදායමක් ලැබීමේ අරමුණෙන් වසර 2ක කාලයට අදාළ මෙහෙයුම් සිදු කිරීම සඳහා මෙම ගිවිසුමට අත්සන් තැබිණ.
මෙම මෙහෙයුම්වලින් උපයන ආදායම නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ විශේෂ ගිණමුක තැන්පත් කිරීමට නියමිතයි.
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, CHEC PORT CITY ව්‍යාපෘති සමාගමේ කළමණාකාර අධ්යක්ෂ ජියැන්ග් හෝලින්ග් (Jiang Houliang) යන මහත්වරු පාර්ශ්ව තුන වෙනුවෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.
බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේදී මෙම ගිවිසුට අත්සන් තැබීම සිදුකෙරිණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහිනද් රාජක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශයේ ලේකම් ආාචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා මෙහිදී ප්‍රකාශ කළේය.