ලබන මැයි මස 3 දා සිට ඉතාලිය ලොක්ඩවුන් නීතියෙන් ලිහිල් කිරිම තුළ තවදුරටත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනිමට හා කෝවිඩ් ආසාදනය පැතිරිම වලක්වාලීමේ අරමුණෙන් ස්මාර්ට් දුරකතන හරහා නව ඇප් එකක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ඉතාලි විද්‍යා හා තාක්ෂණ ඇමතිනි පාවුලා පිසානො මහත්මිය සඳහන් කළාය.
කෝවිඩ් පොසිටිවු වු පුද්ගලයන්ගේ දත්ත ඇප් එක වෙත ලබා දි එම පුද්ගලයාට යම් අයෙක් ලංවීම තුළ නිරෝගි පුද්ගලයාගේ දුරකතනයට බ්ලුටූත් හා වයිෆයි හරහා ලබාදෙන සංඥාවක් මත අදාල දුරස්ථභාවය රඳවා ගැනිමට සහාය වීමක් සිදුවන බව ඇමතිනිය සඳහන් කළාය.
මෙම සැලසුම ඉතාලි කෝවිඩ් 19 මැඩලීමේ විශේෂ කාර්ය සාධන බලකායේ අනුමැතිය හිමිව තිබෙන බවත් ඉදිරි සති දෙකක කාලයක් තුළ මෙම නව වැඩපිළිවෙල සාර්ථක කර ගැනිමට කටයුතු කරමින් එය ජනතාවට හඳුන්වා දෙන බව වැඩිදුරටත් සඳහන් කළාය.
චන්දන ප්‍රනාන්දු