කොළඹ මහනගර සභාවෙන් සේවාවන් ලබාගැනිම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හදුන්වා දි තිබේ.
ඒ අනුව 1002 208 208 යන අංකය ඔස්සේ කොළඹ මහනගර සභාවේ තොරතුරු හා සේවා ලබාදෙන අදාළ අංශයේ නිලධාරියෙකු සෘජුව සම්බන්ධ කර ගැනිමට මහජනතාව අවස්ථාව හිමිවන බවයි කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණි දිසානායක සඳහන් කළේ.
රාජකාරි දිනවල උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා මෙම ක්ෂණික දුරකථන ඇමතුම් සේවාව ක්රියාත්මකයි.